Wednesday, 4 January 2012

මෙහෙම ගියොත් විපක්‍ෂය තවදුරටත් විපක්‍ෂයේමය

මෙවරත් අපගේ අවධානය පාර්ලිමන්ට් ටෝක්ස් වෙතටය. මෙවර කථා බහට ලක් කරන්නේ ජනතා
විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුල සිදුවූයේ යයි වාර්තා කරන කථා බහක් පිළිබඳවය. එකී
කථා බහ වාර්තා කොට තිබුණේ ‘‘එයා අපේ සෙනඟ දැකලා බය වෙන්න ඇති’’ යන ශිර්ෂය
යටතේය. ඒ යටතේ ප‍්‍රස්තුත කථා බහට ලක්වී ඇත්තේ ජ.වි.පෙ. විසින් කැලණිය ප‍්‍රදේශයේ
සංවිධානය කොට තිබු උද්ඝෝෂණයක් පිළිබඳවය. එහිදී කැලණියේ අයිතිකාරයා ගෙන් කරදරයක්
වූයේ දැයි ලාල් කාන්ත මහතා විජිත හේරත් මහතා ගෙන් විමසූ බවක් වාර්තා වේ. විජිත හේරත්
මහතා කියා තිබෙන්නේ ආවේ නම් නහැ, ඇත්තටම අපි නම් හිතුවේ මර්වින් සිල්වා එයි කියලාය.
මෙතැනදී අපට ප‍්‍රශ්න කීපයක් මතු කරන්නට සිදු වී තිබේ. එනම් ජ.වි.පෙ. මෙන් සංවර්ධිත පක්‍ෂයක
සාමාජිකයන්ටත් යම් විචිකිච්ඡුාවක් මර්වින් සිල්වා ඇමතිවරයා සම්බන්දයෙන් පවතින බවකි. දෙවනුව
අපගේ අවධානය යොමු වන්නේ ජ.වි.පෙ. ඇතුළු විරුද්ධ පක්‍ෂයේ බලවේග පවතින රජයට එරෙහිව
බලපෑම් කිරීමේ කලාව පිළිබඳවය.
සමාජවාදී දේශපාලනික දාර්ශනිකයකු හා දේශපාලනික කි‍්‍රයාකාරිකයකු වූ අන්තෝනියෝ ග‍්‍රමේස්චි
නම් කර තිබුණේ රජය හා පවුල අතර පවතින අවකාශය සිවිල් අවකාශය ලෙසටය. එකී සිවිල්
අවකාශය දේශපාලනික සමාජය හා සිවිල් සමාජය මගින් පිරවෙන බව ඔහු පවසා තිබුනි. ඒ අනුව
සිවිල් සමාජය තුල පුරවැසියන්ද, දේශපාලන සමාජය තුල පාක්‍ෂිකයන් ගෙන් හා ඡුන්ද දායකයන් ද
කි‍්‍රයාත්මක වන බව පිළිගැනීමයි. වාසනාවකට හෝ අවාසනාවකට ශී‍්‍ර ලංකාව තුල මෙකී සිවිල්
අවකාශය පුරවා ඇත්තේ පූර්ණ වශයෙන්ම පාක්‍ෂිකයන් හා ඡුන්ද දායකයන් ගෙනි. සිවිල් සමාජයක්
තාක්‍ෂණිකව පැවතියද ඒ තුල බොහෝ දුරට පුරවැසි මානසිකත්ව පුරවැසි නායකත්වයක් නොපවතී.
ඒ නිසා අවසාන වශයෙන් අප රටේ සිවිල් අවකාශය තුල කි‍්‍රයාත්මක වන්නේ පාක්‍ෂික
මානසිකත්වයක් සහිත ඡුන්ද දායකයන්ය. ඡුන්දදායකයන් ද සම්බන්ධ වී ඇත්තේ දියුණු දේශපාලනික
ප‍්‍රතිපත්තියක් සහිත පක්‍ෂ සමග නොවන නිසා ඔවුන් කල් ගෙවන්නේ එදා වේල ටුවර්ස් පදනමිනි. ඒ
නිසා සැම විටම පක්‍ෂ නායකයන්ට තම පාක්‍ෂිකයන් රිමෝට් කොන්ට්‍රෝල් කිරීමට හැකිවී තිබේ. ඒ
නිසා මෙකී ජන සංඝය මහජනතාව ලෙස හඳුන්වනවාට වඩා හැඳින්වීමට උචිතම පදය වන්නේ
‘‘සෙනඟ’’ යන අර්ථයෙනි. පාර්ලිමන්ට් ටෝක්ස් ලියුම්කරු හෝ විජිත හේරත් මහතා සෙනඟ යන
පදය භාවිතා කර ඇත්තේ ඉච්ඡුානුකවද නැද්ද යන පදය භාවිතා කර ඇත්තේ ඉච්ඡුානුකව ද නැද්ද
යන්න පිළිබඳව අපට කුහුලක් පවතින නමුදු එකී වචනය පවතින තත්ත්වයට නිසර්ගව සමපාත වන
බව අපගේ අදහසයි. සෙනඟ යන්න බිඳී එන්නේ සේනාවේ අග යන අර්ථයෙනි. අතීතියේ සේනාව
තුන් රඟ සේනාවක් වූයේය. එකී සේනාවන් ආක‍්‍රමණයක යෙදී සිටි කල එකී සේනාවන් පිටු පසින්
ගමන් කළේ, සේනාවන් විසින් යුද්ධයෙන් අත්පත් කර ගන්නා දෑ භුක්ති විඳීමේ අරමුණින්, සංඝ‍්‍රාමික
අරමුණින් තොරව ගමන් කළ පිරිසයි. ශී‍්‍ර ලංකාවේ බොහෝ පක්‍ෂ සමඟ සම්බන්ධ වන පිරිස් එසේත්
නැත්නම් ඡුන්දදායකයන්ට අදාලව ප‍්‍රතිපත්ති රාමුවක් පවතින්නේ ද යන්න ප‍්‍රශ්ණාර්ථය. එසේ
කි‍්‍රයාත්මක වන සෙනඟට මර්වින් සිල්වා මහතාගේ කි‍්‍රයාකාරීත්වය ප‍්‍රශ්ණ සහගත නොවේ.
2
ජෙනරල් ෆොන්සේකා සිරිගත කිරීම, දඬුවම් දීම කණගාටුවට කරුණක් වන නමුත් ඉන් එපිටට එය
ඔවුන්ට වැදගත් වන්නේ නැත. ¥ෂණය, අක‍්‍රමිකතා පිළිබඳව එවැන්නන් ගේ මතය වන්නේ වැඩක් කර
ගන්නට ගානක් දුන්නාට කමක් නැති බවය. එසේම හොඳ වැඩක් කොට ගානක් හම්බ කර ගත්තාට
කමක් නැති බවය. පවුල් පාලනය අතීතයේ ද පැවති බවත් දක්‍ෂ යුව රජවරුන් රාජ්‍යයත්වයට
ශක්තියක් වන බවයි. එවන්  ඕනෑම පක්‍ෂයක් සිදු කරන උද්ඝෝෂණ හුදු මාධ්‍ය සංදර්ශණ පමණි. ශී‍්‍ර
ලංකාවේ විරුද්ධ පක්‍ෂ දේශපාලනයේ දේශපාලන සංවර්ධනය වී ඇත්තේ මෙයයි. තත්ත්වය
තවදුරටත් නරක අතට පත්වන්නේ ශී‍්‍ර ලංකා රාජ්‍යය මධ්‍යම පරිමානයේ ආදායම් ලබන තත්ත්වයකට
පත්වන කලදීය.
මධ්‍යම පරිමාණ ආදායම් ලබන රටකට, මහජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය පමණ
මුදල් සපයා ගැනීමේ හැකියාව පවතී. පාරවල් කාපට් කිරීම, කුණු ඉවත් කිරීම, වීථි ලාම්පු, අතමිට
ඇති කම යනාදී ප‍්‍රශ්ණ තවදුරටත් රටේ දැවෙන ප‍්‍රශ්ණ නොවනු ඇත. ඒවා ප‍්‍රශ්ණ ගත විය හැකි
එකම තත්ත්වය විය හැක්කේ පාලකයන්ගේ නොසැලකිල්ල, අලස බව හෝ උද්දච්ඡු භාවයයි. එවැනි
පසුබිමක මහජනතාවට (සෙනඟට* ආණ්ඩුව සමග කළකිරීමට තරම් හේතුවක් නොවේ. එය එසේ
වනවිට ආණ්ඩු ජනතාව විසින් අප‍්‍රසාදය මත පෙරළා දැමීම සිදු නොවේ. නිදහසින් පසු මෙතෙක්
සෑම ආණ්ඩුවක්ම පරාජය වූයේ විපක්‍ෂයේ ඇති දක්‍ෂකම නිසා නොව, ජනතාවට ආණ්ඩු එපා වීමය.
විපක්‍ෂය ඒ ඒ අවස්ථා වලදී සිදු කරනු ලැබුයේ ජනතාවගේ සිතුවිල්ලට පොහොර පස් දැමීම පමණකි.
නමුත් මධ්‍යම ප‍්‍රමාණයේ ආදායම් ලබන රටවල එවන් කඩා වැටීමක් තවදුරටත් අපට බලාපොරොත්තු
විය නොහැකිව තිබේ. අද මලයාසියාවේ හෝ සිංගප්පූරුවේ දක්නට ලැබෙන්නේ මෙවැනි
තත්ත්වයකි.
60 හෝ 70 දශකයේ දී බලයට පත්ව, එකී රටවල් මධ්‍යම පරිමාණයේ ආර්ථිකයන් බවට පත්වූ පසු
බලයේ සිටි පක්‍ෂ සැමදා බලයේත්, විපක්‍ෂය සැමදා විපක්‍ෂයේත් සිටීමට කටයුතු යෙදී තිබුණේය. එයට
බලපෑ ප‍්‍රධාන හේතුව විපක්‍ෂය නිර්මාණාත්මක නොවීමත්, එකී නිර්මාණාත්මක භාවය මත සෙනඟ,
පුරවැසියන් බවට පත්කර ගැනීමට ඔවුනට වූ නොහැකියාවයි. නමුත් දකුණු කොරියාවේ ද,
තායිවානයේ ද, තායිලන්තයේ ද විපක්‍ෂය ඊට වෙනස් කාර්ය භාරයක් කරමින් මධ්‍යම පරිමාණයේ
ආදායම් ලබන රාජ්‍යයන් ලෙස දේශපාලනික සමාජය හා සිවිල් සමාජයේ ගථිකයන් වෙනස් කර
ගැනීමට කටයුතු කළෝය. නමුත්ු වර්තමාන විපක්‍ෂයේ බලවේග වන ජ.වි.පෙ. මෙන්ම එ.ජා.ප.ය
මෙවැනි තත්ත්වයන් පිළිබඳව අදහසක් හෝ නොමැතිව ඇති බව පාර්ලිමන්ට් ටෝක්ස් හි ජ.වි.පෙ.
නායක කාරකාදීන්ගේ කථා බහ කියවීමෙන් පෙනී යති. අප වාර්තා කරණයේ දී පවා මර්වින්
සිල්වාලා වීරයන් කරන්නට යෑම සෙනඟ පුරවැසියන් කිරීමේ උත්සාහයට බාධාවකි. ජ.වි.පෙ.
නායකයන්ගේ කථා බහින් අඟ වන්නේ එවැන්නකි. එසේම උද්ඝෝෂණ, පාගමන් දක්වා පරිවර්තනය
කිරීමෙන් පමණක්ම මෙකී කර්තව්‍ය සිදු කළ නොහැකි බව අපගේ හැඟීමයි. ඒ සඳහා සියළු විපක්‍ෂ
බලවේග නිර්මාණාත්මක දේශපාලනයක යෙදිය යුතුය. මෙය විවේචනයක් නොව ආයාචනයකි.
නීතිඥ ශිරාල් ලක්තිලක